පාසලේ ඉතිහාසය

TALENTS SHOW

school1.jpg
school1.jpg

ව/ඉ/කුඹුක්වැව මහා විද්‍යාලය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල හත්පත්තුවේ තිත්තවැලි ගන්දහේ කෝරළේ තම්මිටග්‍රාමසේවා කොට්ඨාශයේ පිහිටා ඇත.මුඩුබිම් පනත යටතේ පනවන ලද නියෝග මත මැන සාදන ලද අංක 1262අවසාන ගම් පිඹුරේ කිරිමැටියාව ගමට අයත් ලොට් අංක 65 දරන ඉඩමේ වර්තමාන ව/ඉ/කුඹුක්වැව මහ විදුහල ස්ථාපනය වී ඇත.භූමි ප්‍රමාණය අක්කර 01 රූඪි 0 පර්චස් 01කි.
    ළමයින් කිහිප දෙනෙකු රැස් කොට අකුරු කරවීමේ කාර්යය තුළ පළමු විද්වතා වෙළෙඳාමට පැමිණි මීගමු වෙළෙන්දෙකි.ඔහුගෙන් පසු එම කාර්යය ඉටු කර ඇත්තේ දොඩම්ගස්ලන්ද මීපිටිය ප්‍රෙද්ශයෙන් පැමිණි චාර්ලිස් අප්පුහාමි නම් අයෙකි. මොහු එවකට අට සමත් විභාගය දක්වා ඉගෙන ගත් අයෙකු බැව් පැවසුණි.කුඹුක්වැව ආණ්ඩුවේ පාඨශාලා ලෙස ආණ්ඩුවට කඩදාසි නිකුත් කරන තෙක්ම මොහු එකී සද්කාර්යය දිගටම කර ඇති බැව්සඳහන් වේ.
    ගමකට පාසලක් පිහිටු වීමේදී කෝරලෛ් මහත්තයා සහ ගම්මුලාදෑනි සමග සාකච්ඡා කර තීරණ ගත යුතුය.මෙවකට හත්පත්තුව භාරව සිටි තෙන්නකෝන් මහතාත් එච්.එම්.කිරිබණ්ඩා කෝරලේ මහතාත් ගම්මුලාදෑනි තැන්පත් එච්.එම්. අප්පුහාමි මහතාත් කැඳවා තොරතුරු ගත් ඒජන්ත උන්නාන්සේ 1907 ජනවාරි 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි චාර්ලිස් අප්පුහාමි මහතාගේ අඩි 20 ක පොල් අතු මඩුව කුඹුක්වැව මිශ්‍ර පාඨශාලාව නමින් ලියාපදිංචි කරන ලදී.
    ආණ්ඩුවේ පත්වීමක් ලබා මුලින්ම පැමිණි ප්‍රධානාචාර්යවරයා එච්.එම්.පී.බණ්ඩා මහතාය.පාසලේ පළමු ශිෂ්‍යයා වූයේ කේ.එම්.මුතුබණ්ඩා මහතාය.
    පාසලේ අතීතය පිළිබඳ ලැබුණු තොරතුරු අනුව මෙම පාසලට ආණ්ඩුවේ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලද ගුරුවරයෙකු පැමිණ ඇත්තේ 1930 වර්ෂයේදීය.ඔහු නම් ඩී.ආර්.මංචනායක නම් විය.එවකට ගුරු මණ්ඩලය 7 දෙනෙකුගෙන් සමන්විත විය.මෙතෙක් රජයේ මිශ්‍ර මඩුවක් ලෙස තිබූ පාසල 1960 දී මහා විද්‍යාලයක් බවට පත් විය.මේ නිසාම අවට ගම් පළාත් දහ අටක සිසුන් සිප් සතර හැදෑරීමටකුඹුක්වැව විදුහලට පැමිණ ඇත.එම වසරේදීම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට ද මෙයට තවත් හේතුවක් විය.

1962 දී විදුහල් ඉතිහාසයට නව පිටුවක් පෙරළුනේ සිසුවියන් දෙදෙනෙකු සරසවි වරම් ලැබීමෙනි.සෝමාවතී හා හීං අම්මා එම සිසුවියන්ය. මෙතෙක් කලා විෂය ධාරාවට යොමු වූ අධ්‍යාපනය විද්‍යා විෂය ධාරාව කරා යෙමු කරමින් 1970 දී විද්‍යා ඒකකයද පිහිටුවනු ලැබීය. පර්ෂද පාසල් ක්‍රමය යටතේ 1988 දී පර්ෂද මූලස්ථාන පාසලක් බවට පත් වූ අතර ඊට අයත් පාසල් ගණන 13 කි.

සිසුන් 12 දෙනෙකුගෙන් ආරම්භවූ පාසලේ වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 1000ට ආසන්නව පවතීන අතර ඇදුරු මඩුල්ල 45 කි.