ආදර නිර්මල කීර්ති ගුණාකර
කුඹුක්වැවේ මහ විදුහල් මව අපි
ජීවනයේ මී රස දෙන සැමදෙන
ඔබෙ නම නමදිමු නමදිමු බැතියෙන //
විහිදා නැණ එළි පතුරා හසරැලි
සමරා ඔබෙ ගුණ තුති ගීගයමින //
ආදර නිර්මල කීර්ති ගුණාකර ....................
වඩවා ගුණදම් සපුරා බැති පෙම්
අප සොහොයුරු දම් පනසේ සුරකිමු
පතුරා ජය ගොස නංවා ජය දද
විදුහල් මව ඔබ වැජඹේවා //





