TALENTS SHOW

school1.jpg
school1.jpg

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (1-9)

  • අත් කොට සුදු කමිසය පාසල් නිල ලාංඡනය සහිතව සහිතව තිබිය යුතුය.
  • සුදු කොට කලිසම දණහිස ළඟට මසා තිබිය යුතුය. 
  • කලු සපත්තු සහ කලු මේස් පැළඳිය යුතුය.
  • කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය 
  • මුදු මාල හෝ වෙනත් ආභරණ පැළඳ සිටීම තහනම්ය

පිරිමි ළමුන් (10-13)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
  • කළු සපත්තු හා කළු මේස් පැළඳිය යුතුය
  • කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
  • කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
  • කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
  • කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.
    • මුදු මාල හෝ වෙනත් ආභරණ පැළඳ සිටීම තහනම්ය

ගැහැණු ළමුන් (1-13)

  • කොළරය සහිත සුදු රැලි ගවුම ඉණ පමණට තිබිය යුතු අතර දණහිසට පහළ තෙක් දිග තිබි ය යුතුය.
  • ඉණ පටිය අඟලක පළල විය යුතුය.
  • කර පටිය පැළඳිය යුතුය.
  • කරාබු පැළඳීමේදී එල්ලෙන කරාබු නොපැළඳිය යුුතු අතර වෙනත් කිසිම ආභරණයක් පැළඳීම තහනම්
  • කොණ්ඩය මැදින් පීරා කරල් දෙකට ගොතා අගින් නමා කොළ රිබන් පටියකින් බැඳිය යුතුය.
  • සුදු සපත්තු හා සුදු මේස් පැළඳිය යුතුය.