- උදේ 7.15 ට පෙර පාසලට පැමිණිය යුතුය.
- පාසලට පැමිණීමෙන් පසුව කිසිම හේතුවක් නිසා පාසල අවසන් වීමට පෙර පාසලින් පිටතට නොයා යුතුය.
- පාසලට පැමිණීමෙන් පසුව තමාට අදාල පිරිසිදු කිරීමේ කටයුතු 7.30 ට පෙර නිම කල යුතුය.
- පාසලට අදාල නිල ඇඳුමෙන් සැරසී සිටිය යුතුය.
- සියලුම ශිෂ්‍ය ශීෂ්‍යාවන් ප්‍රේම සම්බන්ධතා පැවැත්වීම දඬුවම් ලැබිය හැකි වරදකි.
- විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට කීකරු විය යුතුය.
- පාසලේ සියලුම භෞතික සම්පත් ආරක්ෂා කළ යුතුය.
- සීනුවට අවනතව කටයුතු කළ යුතුය.
- අවසර පත්‍රයක් නොමැතිව පාසල් භූමිය තුළ නිකරුණේ හැසිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
- දිවා ආහාරය ගෙන ඒමේදී පොලිතින් භාවිතයෙන් වැලකිය යුතුය.
- පාසල් නොපැමිණෙන දින සඳහා දෙමාපියන්ගෙන් ලිපියක් රැගෙන ආ යුතුය.
- ගුරු දෙගුරු සම්බන්ධතා පොතක් සෑම කෙනෙකුම පවත්වා ගෙන යා යුතුය.
- උදය රැස්වීමට සහභාගි වීමේදී / පංති මාරු වීමේදී / පාසල අවසන් වීමෙන් පසුව පේළියට ගමන් කළ යුතුය.
- පයින් ගමන් කිරීමේදී පාරේ දකුණු පැත්තෙන් ගමන් කළ යුුතුය.
- කිසිම සිසුවෙකු අන්සතු දෙයක් හොරෙන් ගැනීම හෝ ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි.
- පාසල් පරිසරය ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම ,අපවිත්‍ර නොකිරීම , ඔබ සතු යුතුකමකි.
- පාසල් විවේක කාලයේදී හැර වෙනත් කිසිම අවස්ථාවක ආපන ශාලාවට නොයා යුතුය.
- පාසල් ආරම්භ කිරීමේ දෙවන සීනුවේදීත් විවේක කාලය අවසන් වන සීනුවේදීත් නිශ්ශබ්දතාවය ආරක්ෂා කළ යුතුය.
ඉහත සඳහන් කරුණු එකක් හෝ කිහිපයක් කඩ කිරීම පාසලින් ඉවත් කිරීම ඇතුළුව විනය මණ්ඩලය විසින් ගන්නා ඕනෑම දඬුවමකට යටත් වීමට සිදු වනු ඇත.





