TALENTS SHOW

school1.jpg
school1.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ආර්.ඩී.ලියනගේ

ව/ඉ/කුඹුක්වැව විද්‍යාලය ඉබ්බාගමුව කලාපයේ පිහිටි කීර්තිමත් පාසලකි.  ජාතික අරමුණු ඉටුවන පරිදි 21 වන සියවසේ ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි වන පරිදි පුර්ණ පෞරුෂයක් සහිත දරු පිරිසක් බිහිකිරීම සඳහා පාසල පදනම් කරගත් සැළසුම් සහගත වැඩ පිළිවෙලක් පාසල තුළ ක්‍රියාත්මක කළ යුතුවේ.  ලාංකීය අධ්‍යාපන ප්‍රතිපත්ති වලට අනුකූල වෙමින් පාසල් විෂය මාලාව, විෂය සමගාමී හා විෂය බාහිර වැඩසටහන් තුළින් සමබර පෞරුෂත්වයකින් හෙබි අනාගත ලෝකය ජයගතහැකි ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් සහිත යහපත් දරුවෙකු සමාජයට දායාද කිරීම සදහා සිසු කුසලතා වර්ධනය වන පරිදි ප්‍රදේශයේ සංස්කෘතියට ගැළපෙන පරිදි පාසල සංවර්ධනය කිරීම අපගේ අරමුණයි.

නව ලොවට ගැළපෙන ආකාරයට සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළින් දරුවන්ගේ සාධන මට්ටම මෙන්ම නිපුණතා සංවර්ධනයද ඉහළ නැංවීමට මා බලාපොරොත්තු වේ.

ආර්.ඩී.ලියනගේ
නියෝජ්‍ය විදුහල්පති
ව/ඉ/කුඹුක්වැව මහා විද්‍යාලය.